හස්තියා, භික්ෂුව හා නූතන සමාජ අභියෝග

අද හස්තියා පිළිබඳව බෞද්ධ ගිහි හා පැවිදි ජන සමාජය අතර කිසියම් කතිකාවතක් ඇති වී තිබේ. එය ඇති වී තිබෙනුයේ හස්තීන් ළඟ තබා ගැනීම සම්බන්ධව භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීම හා සිරගත කර තබා ගැනීම පිළිබඳවය. සත්ව අහිංසාව යටතේ මේ ආකාරයට නීත්‍යානූකූලව කටයුතු කළ යුතු බවට එක් සමාජ මතයක් වන අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලාහට මේ අයුරින් නීත්‍යානූකූලව කටයුතු … දිගටම හස්තියා, භික්ෂුව හා නූතන සමාජ අභියෝග කියවන්න

නූතන යුගයේ සැබෑ අවශ්‍යතාවය කුමක්ද?

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් හැඳින්වීම පිණිස විවිධ නම් ව්‍යවහාර කරනු ලැබේ.බුදු දහම, බෞද්ධ දර්ශනය, ත්‍රිපිටකය ආදී නම්වලින් මෙය හැඳින්වේ. මෙය ආගමක් ලෙස සැලකීමේ දී බුද්ධාගම ලෙස ද හැඳින්වේ. කෙනෙකුට ආගමක් තිබිය යුත්තේ මන්ද? මේ පිළිබඳව සැපයිය හැකි විවිධාකාර අදහස් හා පිළිතුරු ඔබට තිබිය හැකිය. ආගම මිනිසුන්ගේ සදාචාරය සඳහා අවශ්‍ය බවට ඔබ තර්ක කරනු ඇත. එසේ නම් ආගම තුළින් … දිගටම නූතන යුගයේ සැබෑ අවශ්‍යතාවය කුමක්ද? කියවන්න

බුදු දහම හා නූතන සමාජ අභියෝග

ලෝකයේ විවිධ ආගම් හා ඇදහිලි තිබේ. ශ්‍රී ලංකාව තුළ ද විවිධ ආගම් හා ඇදහිලි වර්ග ඇත. ආගම වැදගත් වන්නේ කිසියම් පුද්ගලයෙකු තුළ යහපත් ගුණධර්ම, අගයන් වර්ධනය කිරීම සඳහා එය උපකරණයක් ලෙස ක්‍රියාත්මක වන නිසාය. මේ අනුව ආගම් සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍යය. නමුත් වර්තමානයේ ආගම එය අරමුණෙන් බැහැරව ක්‍රියාත්මක වන අවස්ථා ද දැකගත හැකිය. එක ආගමකට අයත් … දිගටම බුදු දහම හා නූතන සමාජ අභියෝග කියවන්න

මඟඵල ලාභය සඳහා නිවැරදි පිළිවෙත කුමක්ද?

කෙනෙකුගේ වියෝව අපට දැනෙන්නේ කෙසේද? එය එම පුද්ගලයා සමඟ අප දක්වන බැඳීම අනුව වෙනස් විය හැකිය. එසේම පුද්ගලයාගේ පුද්ගලික හා සමාජීය වටිනාකම අනුව හා ඒ පුද්ගලයා සතුව පැවති සාරධර්ම අනුව වියෝව නිසා ඇතිවන මානසික බලපෑම වෙනස්විය හැකිය. යම් පුද්ගලයෙකු සතුව උසස් සාරධර්ම පවතින්නේ නම් ඒ පුද්ගලයා සමඟ පවතින ඥාතීත්වයක් හෝ බැඳීමක් නැතිව ද අපට වියෝ … දිගටම මඟඵල ලාභය සඳහා නිවැරදි පිළිවෙත කුමක්ද? කියවන්න

මතුපිට ඔපය හා ධර්ම ප්‍රතිවේධය

බුදුරදුන්ගේ ඉගැන්වීම් බුද්ධාගම බවට පත්වීමෙන්  විශාලම හානිය සිදුවී ඇත්තේ ධර්ම ප්‍රතිවේධයටයි. මේ හේතුව නිසා ධර්ම ප්‍රතිවේධය නැත්තටම නැතිව ගොස් තිබේ.මෙසේ පවසද්දී එසේ නම් මෙකල ධර්ම ප්‍රතිවේධය කළ නොහැකිදැයි ඔබට පැණයක් ඇතිවිය හැකිය. නමුදු මා කියනුයේ ඊට අදාළ වූවක් නොවේ.මගේ අරමුණ ධර්ම ප්‍රතිවේධය පිළිබඳව සාකච්ඡා කිරීමයි.මටද ගැටලුවක්ව ඇත්තේ ධර්මය මේ ආකාරයට වෙනස්ව යාමයි. සත්‍ය වශයෙන්ම වෙනස්ව ගොස් … දිගටම මතුපිට ඔපය හා ධර්ම ප්‍රතිවේධය කියවන්න

කාලීන බණ හා අකාලික දහම

නියම බණට වඩා අමුතු බණ දෙසන ගිහි, පැවිද්දන් නූතන සමාජයතුළ සුබලය. ඇතැම් බණ විහිළු තහළු නරනාටක සිහිගන්වයි.උතුම් බුදුබණ එකකි. කාලීන බණ තවෙකකි. උතුම් බුදුබණ අකාලිකය. කාලික බණ එබැවින් උතුම්බුදු බණ නොවේ. බුදුරදුන් අකාලික දහමක් දේශනාකළා මිසක කාලික දහමක් අප අසා ඇති ලෙසට දේශනා කර නොමැති බැවිනි. යහමින් මුදල් ලැබේ නම් බුදුරදුන් විකුණාගෙන කෑමට වුවද ඇතැම් … දිගටම කාලීන බණ හා අකාලික දහම කියවන්න

අප යා යුතු සැබෑ මඟ කුමක්ද?

අද පවතින්නේ සම්පුර්ණයෙන්ම වාණිජකරණය වූ සමාජ ප්‍රවාහයකි. මේ සමාජයේදී සියලු සමාජ සම්බන්ධතා මුදලට විකිණේ. හෙවත් සියල්ල මුදල මත පදනම්ව ඇත. හැඟීම්, ආකල්ප, ගුණවත්කම්වලට මේ වර්තමාන සමාජ සබඳතාවලදී කිසිදු ඉඩකඩක් නැත. කරුණාව මෛත්‍රිය, මුදිතාව හා උපේක්ෂාව ඇති තැනැත්තා පරාජිතයෙක් සේ සැලකීමට පවා මේ හේතුව මත සමාජයේ බොහෝ පිරිසක් පෙළඹී තිබීම නූතන සමාජ ආකල්වල විද්‍යමාන සාවද්‍ය බවට හොඳම නිදසුනකි. මේ … දිගටම අප යා යුතු සැබෑ මඟ කුමක්ද? කියවන්න

බුද්ධ කාලීන සැබෑ බුදු දහම කුමක්ද?

බුදුරදුන් ජීවමාන කාලයේ දී බුදු දහම කුමන ස්වරූපයෙන් පැවතියේදැයි නිසැකවම දැන ගැනීමට ඔබත් මමත් කැමති වෙමු. නමුදු එකල විද්‍යාව හා තාක්ෂණය මෙකල මෙන් දියුණුව නොපැවතියේය. එබැවින් වීඩියෝ කර පටි ගත කර ඡායාරූප කර කල් තබා ගැනීමට හැකියාවක් නොතිබිණ. නමුදු එලෙසට විද්‍යාත්මක තාක්ෂණික ක්‍රමවේද භාවිතා කළ ද දළ වශයෙන් වසර දෙදහස් හයසීයයක පමණ කාල පරාසයක් එබඳු දේ … දිගටම බුද්ධ කාලීන සැබෑ බුදු දහම කුමක්ද? කියවන්න

සැප ආසන භාවිතය බුදු දහමට පටහැනිද?

උස් අසුන්වල මහ අසුන්වල ඉතා සුඛෝපභෝගීව අසුන්ගැනීමට හා හිඳ ගැනීමට අප කවුරුත් කැමතිය. එහි ලොකු පොඩි කිසිදු ඛේදයක් නැත. මිනිසුන් පමණක් නොව තිරිසන් සතුන් පවා මේ කුණු කය පිණවීමට හෙවත් සුවපහසු අයුරින් වැතිර ගැනීමට දක්වනුයේ පුදුමාකාර කැමැත්තක් බව නිරීක්ෂණය කළ හැකිය. සුනඛයන් වැනි සතුන් අළු ගොඩවල ලගින්නෙත්, වැලි ගොඩැලි, මහපාර බඳු උණුසුම ඇති ස්ථානවල වැතිර සිටීමට … දිගටම සැප ආසන භාවිතය බුදු දහමට පටහැනිද? කියවන්න