නිවැරදි බුදු දහම අද විග්‍රහ වේද?

වර්තමානයේ බුදු දහම පිළිබඳව බොහෝ දෙනෙක් ප්‍රමාණ රහිතව දොඩමළු වෙති. අවංක අභිලාෂය පෙරටු කරගෙන මෙන්ම කූට වංචනික පරමාර්ථ ඇතිව ද මෙසේ කරන අය සිටිති. යමෙකුට බුදු දහම ස්වකීය සිත සංවර කර ගැනීමට උචිත යහපත් සදාචාර දර්ශනයක් සපයන පිළිවෙතකි. තවත් අයෙකුට එය ධන උල්පතකි. හොඳ සන්නිවේදනය උපායමාර්ගයකි. කළමනාකරණ ක්‍රමවේදයකි. පාලකයෙකු හට සූක්ෂමව මිනිසුන් අවනත කරගන්නා වූ … දිගටම නිවැරදි බුදු දහම අද විග්‍රහ වේද? කියවන්න

Advertisements

මරණ දඬුවම දිය යුතු ද?

වැරදියට වටහා ගැනීම යන කරුණ අද මෙරට තුළ බොහෝ පිරිස්තුළ දක්නට ලැබෙන දුබලතාවයකි. මේ හේතුව නිසා කියන දේ, කරන දේ හැම විටකදීම ඒ පුද්ගලයා කරන කියන අර්ථයෙන් නොව ඊට හාත්පසින්ම වෙනස් අර්ථයකින් වටහා ගැනීමට බොහෝ පිරිස් යොමු වී සිටිති. අද සමාජයතුළ දිස්වන බොහෝ ආවේගකාරී සිදුවීම්වලට අඩුවැඩි වශයෙන් හේතු වී ඇත්තේ මේ කරුණයි.කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව … දිගටම මරණ දඬුවම දිය යුතු ද? කියවන්න

පිරිහී ඇත්තේ සමාජය ද අප ද ?

යම්කිසි කාලසීමාවක් යන විට මිනිසා ගුණධර්මවලින් පිරිහි යන බව තථාගතයන්වහන්සේ විසින් දේශනා කර තිබේ. එය කලියුග කාලය නම් වේ. මේ උදා වෙමින් පවතින්නේ එම පිරිහීමේ කාලසීමාව බව වර්තමාන යුගයේ මිනිස් ක්‍රියාකාරකම් අනුව පැහැදිලි වේ. මානව චර්යා මනුෂ්‍යත්ව සභ්‍යත්වයට නොගැලපෙන ලෙස සිත්සතන් අන්ත දූෂිත දැඩි ආත්මාර්ථකාමී, පටු, ලෝභී,පටිඝ හා කාමුක ආකල්ප හා චේතනාවලින් පිරි ඉතිරි යමින් … දිගටම පිරිහී ඇත්තේ සමාජය ද අප ද ? කියවන්න

රාජ්‍ය පාලනය පිලිබඳ බෞද්ධ ඉගැන්වීම්

මානව සමාජය අද බෙහෙවින් විකාරරූපී හා විකෘති හැඩතල ගෙන තිබේ.මේ ප්‍රකාශය සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම වලංගු වේ.සමාජයේ මේ විකෘතිභාවය නිසා වඩාත් අසහනයට පත්ව තිබෙනුයේ සිය වෘත්තීය,අධ්‍යාපන,සේවා සුදුසුකම් මත භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා ශ්‍රම දායකත්වය සැපයීමට සිටින විවිධ සමාජ ස්ථරවලට අයත් ශ්‍රමිකයන්ය.දේශපාලන,සමාජ,ආර්ථික බලය හා පවුල්පසුබිම ආදී අයථා බලපෑම් හමුවේ සුදුස්සා කපා පළවා හැර ඒ වෙනුවට නුසුදුස්සා … දිගටම රාජ්‍ය පාලනය පිලිබඳ බෞද්ධ ඉගැන්වීම් කියවන්න

නූතන සමාජයේ දික්කසාදවීම් බහුල ඇයි ?

නූතන සමාජයෙහි බොහෝ දෙනෙකුගේ පවුල් ජීවිත ඉතාමත් ඛේදනීය තත්වයකට වැටී ඇති ආකාරය ජන සන්නිවේදන මාධ්‍ය මඟින් දෛනිකව සන්නිවේදනය වන පුවත් අනුව වටහාගත හැකිය. සමාජයේ විවෘත සේ ජීවත්වන බොහෝ දෙනෙකුගේ පවුල් ජීවිත මේ වන විට යළිත් ගොඩගත නොහැකි ආකාරයට විනාශවී ඇති අයුරු දකින විට බෞද්ධ ඉගැන්වීම්වල සඳහන්වන බොහෝ ධර්මකරුණු සිහියට නැඟේ.නූතන සමාජය ඉතා දැඩි තරඟකාරීත්වයෙන් යුතුය.ඉවක් … දිගටම නූතන සමාජයේ දික්කසාදවීම් බහුල ඇයි ? කියවන්න

ගබ්සාව සදාචාරාත්මක ද?

ස්ත්‍රී දුෂණය, අපයෝජනයට, අපචාරයට, අතවරයට ලක්වූ කාන්තාවන් දෙස අප සමාජය බලන ආකාරයේ බොහෝ ගැටළු තිබේ. කෙතෙක් විද්‍යාව හා තාක්ෂණය දියුණුවුවද තවමත් අපේ සමාජය අති සාම්ප්‍රදායිකය. එබඳු අවාසනාවන්ත සිදුවීමකදී බොහෝ විට ස්ත්‍රියටම වරද පටවන අවස්ථා දක්නට ඇත. පිරිසක් (බොහෝ විට පුරුෂ පක්ෂය) එවැනි තරුණියන්ගේ අසරණ භාවයෙන් අයුතු ප්‍රයෝජන ගන්නට ප්‍රයත්න දරති. තවත් පිරිසක් (බොහෝ විට කාන්තා … දිගටම ගබ්සාව සදාචාරාත්මක ද? කියවන්න

බදු පිළිවෙත පිළිබඳ බෞද්ධ ආකල්පය

සුපුරුදු පරිදි අයවැය ද ඉදිරිපත් විය.ඒ පිළිබඳ විවිධ පිරිස් අතර සාකච්ඡාවක් ඇති වී තිබේ.ඇතිහැකි අයගෙන් බදු අයකර නැතිබැරි අයට සහන ලබාදිය යුතු යැයි ප්‍රචලිත සමාජ අදහස පිළිබඳ බෞද්ධ ආකල්පය කුමක්ද? රටක ධනවත් පිරිස ස්වල්පයක් වන අතර නැතිබැරි පිරිස විශාලය.නැතිබැරි පිරිස විශාල නිසා ඔවුන්ගෙන් එදිනෙදා පාරිභෝගික ද්‍රව්‍ය සඳහා අයකරන කුඩා බද්දෙන් පවා විශාල ආදායමක් රජයකට එකතුවන … දිගටම බදු පිළිවෙත පිළිබඳ බෞද්ධ ආකල්පය කියවන්න

බුදුරදුන් මස් මාංශ වැළඳුවේ ද?

අද මාංශ ආහාරන අනුභවය පිළිබඳව නොයෙකුත් අයුරින් පැවිදි හා ගිහි බෞද්ධයන්ට චෝදනා කරන අය සිටිති. ඔවුන් එසේ කරනුයේ එය බෞද්ධයන්ට අකැප දෙයකැයි යන වැරදි මතයක පිහිටාය. නමුත් බුදුරදුන් පවා වැළඳු බවට සුත්‍ර පිටකයේ හා විනය පිටකයේ විවිධ ස්ථානවල සඳහන් බව ඔවුහු නොදනිති.ඒ අවස්ථා ලෙස අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රය, මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය, සුත්තනිපාතයේ ආමගන්ධ සුත්‍රය, … දිගටම බුදුරදුන් මස් මාංශ වැළඳුවේ ද? කියවන්න

ෂරියා නීතිය හා බුදු දහම

දැනට සමාජයේ බහුලව කතාබහ වන දෙයක් නම් මැදපෙරදිග රටවල ක්‍රියාත්මක වන ෂරියා නීතියයි. ෂරියා නීතිය අනුව මැදපෙරදිග සේවය යන මෙරට ගෘහ සේවික සේවිකාවන්හට බිහිසුණු දඩුවම්වලට මුහුණ පෑමට සිදුවීම පිලිබඳව මෙරට සාමාන්‍ය ජන සමාජයතුළ කතිකාවතක් ඇති වී තිබේ. විවිධ අවස්ථාවලදී මෙරටින් මැදපෙරදිග සේවය සඳහා යන ශ්‍රී ලාංකික පුරවැසියන්හට පමණක් නොව සෙසු රටවල්වල ජනයාහට ද මැදපෙරදිග රටවලදී මෙසේ අති … දිගටම ෂරියා නීතිය හා බුදු දහම කියවන්න

බැඳීම් නැති කරන මඟ කුමක් ද?

කොපමණ අය පිරිවරාගෙන ජීවත් වුවද ඕනෑම අයෙකු උපදිනුයේ හා මියයනුයේ හුදකලාවමය. මෙය සෑම අයෙකුගේම ජීවිතයට පොදු දහමකි. අපට තවත් අයෙකුගේ බැඳීම අවශ්‍යවනුයේ ඒ බැඳීම නිසා අප ලබන යම් යම් ලාභ ප්‍රයෝජන නිසාය. ඒ ලාභ ප්‍රයෝජන නිසාම අපි තවත් අය සමඟ බැඳීම් ගොඩනඟා ගෙන ඇත්තෙමු. ඒ බැඳීම් නිසා වර්තමානයේ දී සතුටක් ලබන බව සත්‍යයකි. නමුත් වර්තමානයේදී … දිගටම බැඳීම් නැති කරන මඟ කුමක් ද? කියවන්න